විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දොම්පේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරුණ රාජපක්ෂ මහතා විසින් දොම්පේ ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමයේ පැවැති සෞඛ්‍ය කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී කල අදහස් දැක්වීම.
මේ ඛේදවාචකය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිලධාරීන් ලබා දුන් වාර්තා ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බවත් නොවැම්බර් මස 11 වැනි දා සිට දිගින් දිගටම මේ ඛේදවාචකය ගැන ඒ කාලගුණ තත්ත්වය වෙනස් වන සෑම මොහොතක් පාසා රටටත් ජනතාවටත් නිවැරදි තොරතුරු ලබා දෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති මුත් ජීවිත විශාල අහිමි වී ලක්ෂ ගණනක් අවතැන් වූ මොහොතක කාලගුණ විද්‍යා නිලධාරීන්ට ඇගිල්ල දිගු කිරීම රජයේ යුතුකම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද එක් විය.
අප රටට සිදු වූ මේ මහා ඛේදවාචකය තුළින් රටක් ලෙස පාඩම් රැසක් ඉගෙන ගත යුතු බවත් රට තුළ නිර්මාණය වන කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට අප රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපකරණ හා සම්පත්වලින් ශක්තිමත් කළ යුතු බවත් සුනාමියක් හරහා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අප රටේ තවමත් නවීනතම ඩොෆ්ලර් රේඩාර් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නොහැකි වී ඇති බවත් විශේෂඥයන්ට අනුව පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශයේ අවම වශයෙන් මෙවැනි රේඩාර් පද්ධති 2ක් ඇති කළ හොත් කාලගුණ දේශගුණ විපර්යාස ගැන නිවැරදි අනාවැකි ලබා ගතහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාලගුණෙන් අනතුරු අගවන විටත් රටට හරි හමන් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් තිබ්‌බේ නෑ
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ නිලධාරින් අනතුරු හගවා තිබිය දී ආපදා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් සුදුසු යාන්ත්‍රණයක් නොතිබු බවත් එය යථාර්ථය බවත් මේ මොහොතේ හෝ ඒ අඩුපාඩුකම් අවබෝධ කර ගෙන රටක් ලෙස විවිධ පරිසර කේන්ද්‍රීය කාලගුණ කේන්ද්‍රීය ඛේදවාචක රැසකට මුහුණ දුන් නිසා දැන්වත් පාඩම් ඉගෙන ගෙන රටට අවශ්‍ය නවීනතම උපකරණ මානව සම්පත් වර්ධනය කරවන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.ත
ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ නිසා විපතට පත්ව ඇති නිසා මේ සෑම පවුලකටම පවුලේ සාමාජිකයන්ට සහන සැලසීම ඔවුන් ගත කළ ජන ජීවිතය උසස් තැනකට ගෙන ආ යුතු බවත් නිවැරදි තොරතුරු ලබා දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවේචනය නොකර ජීවිත පරිත්‍යාග කළ හානියට පත් ජනතාවගේ නාමයෙන් විධිමත් ශක්තිමත් ආපදා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




