අනුරාධපුර තිසා වැව බැම්ම අසළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය තරුණයකුගේ මළ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයා ගෙන තිබේ.
ඉසුරුමුණිය දෙස සිට තිසාවැවට පිවිසෙන මාර්ගයේ ගසක් පාමුල තිබී එම මළ සිරුර හමු වූ බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කර සිටියේ.
මිය ගොස් ඇත්තේ පදවිය ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක අයෙකු බවයි පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ
ගසක් පාමුල තිබී හමුවූ එම මළ සිරුරේ ගෙල ප්‍රදේශය ලණුවකින් සිරවී ඇති බව පොලිසියපවසා සිටියේ
මෙය සියදිවි නසා ගැනීමක් දැයි යන්න පොලිසිය සැක කරන අතර ගසට ගැට ගැසු ගැටය ගැලවී මෘත දේහය ගස පාමුලට වැටෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක රෂ්මික ගමආරච්චි මහතා විසින් එම මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මරණ පරීක්ෂනය පවත්වා ඇති අතර හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී පොලිසියට ලබා දුන් නියෝගයක් අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා එම මළ සිරුර අනුරාධපුර මහ රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාළ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා