ලබන වසරේදී රජය සමග සිදුකරන සියලු ගණුදෙනු ඩිජිටල් වේදිකාවන් හරහා සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ග්‍රාමීය මට්ටමට ඩිජිටල් වේදිකාවන් ගෙන යාමේදී යම් ගැටලු ඇතිවිය හැකි වුවත් ඒවාටද විසඳුම් සොයා ගැනීමට පියවර ගනිමින් ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර අවසන් වන විට සියයට පහක මට්ටමකට ගෙන ඒම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.