Published
නව අධ්‍යාපන ප්‍රතිසංකරණය යටතේ ලබන වසරේ සිට එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා, කාල පරිඡේදයක කාලය විනාඩි 50ක් දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ එම ශ්‍රේණිවල දිනකට කාල පරිඡේද සංඛ්‍යාව 07ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි.
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහනට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට එක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම්වලට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි.