ලබන 06 වන සෙනසුරාදා උදෑසන 10යි 30 සිට රාත්‍රී 07යි 30 දක්වා පැය 09ක කාලයක් කොළඹ සහ අවට ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 9/1 පාලම ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම පාලමේ දකුණු පස ඇති අධි බලැති කණු කිහිපයක වෙනස්කම් සිදු කිරීමට නියමිත බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලි අත්හිටුවීම හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්තත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ සහ රාජගිරිය යන ප්‍රදේශවල එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලද අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා. එබැවින් අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙසයි අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ.