Published
තමන් ආහාරයට ගන්නා කෑමවේල පිළිබඳ ගැඹුරින් සිතන්නැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඇතැම් පුද්ගලයින් ආහාර වේලට ගන්නා කෑමවලින් සියයට 50ක් අපතේ යන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කළ අතර එහිදී පසුගිය කාලයේ පැවති ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශය පිළිබඳව ද අදහස් පල කළා.
කෙසේවෙතත් තමන් ආහාර අනුභව කිරීමේදී ඒවා අපතේ නොහරින බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.