ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට පාසල් ළමුන්ට අවස්ථාව නොලැබෙන පසු බිමක් තුළ නෙත් එෆ් එම් රේඩියෝව ඒ සදහා අවස්ථාව ලබාදීම මහත් සේ අගය කරන බව කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන තිසත් දිල්නුක පවසනවා.
නෙත් නිවුස් ඇරඹූ පාසල් සිසුන් ද එක්කර ගනිමින් සති අන්තයේ උදෑසන ප්රවෘත්ති ප්‍රකාශ සජීවීව ඉදිරිපත් කිරීමේ තෙවන දිනය වූ අද දිනයේ ඊට එක්වෙමින් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.
ප්රවෘත්ති නිවැරදිව සකස් කිරීම, ඒ සඳහා සූදානම් වීම, ශ්රාවකයින්ට නිසි ලෙස ග්‍රහණය වන පරිදි ප්රවෘත්ති ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයන් ජනතාවට සමීප කරවන සම්පූර්ණ ක්‍රියාවලියේ අත්දැකීම ප්‍රායෝගිකව ලබාදීම ද මෙහිදී සිදු වනවා.
මෙම අත්දැකීම සෑම සති අන්තයකම උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය තුළින් ඉදිරියටත් ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්.
ඒ අනුව හෙට උදෑසන 06.25 නෙත් නිවුස් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සදහා කොළඹ විශාඛා විද්‍යාලයේ මනුදි බුදාරා ශිෂ්‍යාව එක්වනවා.
ප්රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකියාව ඇති පාසල් සිසුන්ට ඉදිරි සති අන්තවලදීත් නෙත් නිවුස් මැදිරියට පැමිණ ඊට ඉදිරිපත් විය හැකි වනවා.
ඒ සඳහා එම සිසුන් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන සිය හඬපටයක් 0 710 94 8 94 8 අංකයට වට්ස්ඇප් කළ යුතු වනවා.