Published
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ පළ වන්නේ විවිධ අදහස්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ ජන ජීවිතය අර්බුදයකට ලක්ව ඇති බවයි.
මේ අතර, යෞවන සමාජ පිහිටුවීම සම්බන්දයෙන් එල්ල වන චෝදනාවන්ට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද ප්‍රතිචාර දැක්වුවා. තැන තැන සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අදහස් පළ කළා. කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ජනතාවට සුබවාදී රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි. මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා අදහස් පළ කළා.