පසුගිය සමයේ සිදු කෙරුණු ලුණු ආනයනය සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි මත පළ කරමින් සිටින බව රයිගම් වයඹ සෝල්ටන්ස් සමූහ සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය ආයතනය මගින් මෙරටට ලුණු ආනයනය කිරීම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකර ඇති බවයි.

මෑතකදී ලුණු කන්ටේනර් 06ක් මුදාහැරීම පිටුපස කිසිදු දේශපාලන හස්තයක් නොමැති බවද ගණක අමරසිංහ මහතා මෙහිදී කියා සිටියා.