ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ඔක්තෝම්බර් 05 වනදා ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ සංවිධානය විසින්. ගුරුවරයා යනු කවුද? වර්තමානයේ ගුරුවරයාගේ භූමිකාව කුමක්ද? මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ පුද්ගල සංවර්ධන පුහුණුකරු උදයා දේවාමුල්ල මහතා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුද්ගල සංවර්ධන පුහුණුකරු උදයා දේවාමුල්ල මහතා. මේ අතර ලෝක ගුරු දිනය ලෙස දිනයක් ප්‍රකාශ කළද මෙරට ගුරුවරුන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ. සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා වවුනියාව නගරයේදී අද දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවා. කෙසේවෙතත් ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අනෙකුත් ගැටලු විසඳීමටද ඉදිරියේදී පියවර ගන්නා බවයි.