ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය නිවැරදිව දන්නා නමුත් මේ මොහොතේ ඔහු ඝාතනය කිරීමට උත්සහ නොදරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු පහසු ඉලක්කයක් වුවද ඔහුව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් දැනට නොමැති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
කෙසේවෙතත් අමෙරිකාවේ ඉවසීම අඩු වෙමින් පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී අවධාරණය කර තිබීම විශේෂත්වයක්.
ඔහු අනතුරු අඟවා ඇත්තේ ඉරානයට ඉහළින් අහසේ සම්පූර්ණ පාලනය අමෙරිකාව සතුව ඇති බවයි.
“අපි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින තැන හරියටම දන්නවා. ඒත් අපි ඔහුව මරා දමන්නේ නැහැ – අඩුම තරමින් දැනට එය කරන්නේ නැහැ”
ඊයේ රාත්‍රියේත් ඉරාන – ඊශ්‍රායල් අහස මිසයිලවලින් පිරී ගොස් තිබුණා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ ඊශ්‍රායල් ඉරාන යුද්ධය තවමත් ඇවිලෙමින් ඇති පසුබිමකයි.
කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අවධාරණය කර ඇත්තේ ඉරානය කිසි විටෙකත් ප්‍රතිවාදීන් සමඟ සම්මුතියක් ඇති කර නොගන්නා බවයි.
ප්‍රතිවාදීන්ට අනුකම්පාවක් නොපෙන්වන බවත් සටන ආරම්භ වී ඇති බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ ඉරාන වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ ටෙල් අවිව් සහ හයිෆා යන නගරවලින් ජනතාවට ඉවත් වන ලෙසයි.