Published
“සුප්‍රිම් සැට්” චන්ද්‍රිකාව, එසේත් නැතිනම් “චිචීගේ රොකට් එක” මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකාවයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති වුණා. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බවයි.
අදාල ව්‍යාපෘත්තිය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. “චිචීගේ රොකට් එක” නිසා ආණ්ඩුව බිඳ වැටෙයි ද? අගමැති වෙනස් වෙයිද? මේ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණා.