ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී තිබෙනවා

ඒ ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන්

අද පස්වරුවේ මෙම තත්ත්වට හටගෙන ඇති අතර ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් මේ හේතුවෙන් අක්‍රීය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් Cloudflare සමාගම සඳහන් කර ඇත්තේ සිය සේවාවට අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමක් හේතුවෙන් සිය ජාලයේ දෝශ හටගත් බවයි.

මිට හේතුව කුමක්ද යන්න පැහැදිළි නොවුණ බවත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුහුසුළුව සිය සමාගම කටයුතු කරන බවත් එම සමාගම නිවේදනය කර තිබෙනවා