කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.

වසර 52ක ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ එංගලන්තය හෝ ඕස්ටේ්‍රලියාව නොමැතිව අවසන් මහා තරඟයක් මෙවර පැවැත්වෙන්නේ පළමුවරටයි.

ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂවල අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබා තිබෙනවා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ ඉතිහාසයේ පළමුවරටයි.

මේ අතර, කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ තීරක වගකීම ශ්‍රී ලංකාවේ මිචෙල් පෙරෙයිරාට හිමිව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඇය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසාන මහා තරඟයක තරඟ තීරක ලෙස ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය වනවා.

පසුගිය වසරේ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේ තරඟ තීරක වගකීම ඇය විසින් දැරූ අතර අවසන් මහා තරඟයේදී එම අවස්ථාව ඇයට හිමි වූයේ නැහැ.