ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය වේග පන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට යට වුණා.

ඒ, පළමු දිනය තුළ පමණ බිඳ වැටුණු කඩුලු 14න් 12ක්ම වේග පන්දු යවන්නන් සතු කර ගනිමින්.

අවසන් මහා තරගය ඊයේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වුණේ ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා කඩුලු 05ක් දවා ගත්තා.

මාකෝ ජැන්සන් ද කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාවට ද ඕස්ටේ්‍රලියාවේ වේග පන්දුවේ ග්‍රහණයට ලක්වීමට සිදු වුණේ කඩුලු 04ක් ලකුණු 30කට බිඳ වැටීමත් සමගයි.

දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු පළමු ඉනිම කඩුලු 04කට ලකුණු 43ක් ලෙස සටහන්ව තිබුණා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය අදයි.