මෙවර පැවති 2025 ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට තායිලන්ත තරගකාරිණියක් වන ඕපල් සුචාටා චුංශ්‍රී නම් තරගකාරිණිය සමත් වී තිබෙනවා

ඉතියෝපියාවේ හැසෙට් ඩෙරේජ් පළමු අනුශූරතාව දිනා ගත් අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාව දිනා ගෙන තිබෙනවා

ඔපල් සුචාටා චුවාංස්රි ජාත්‍යන්තර සබඳතා ශිෂ්‍යාවක් සහ නිරූපිකාවක් වනවා

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ අනුදි ගුණසේකරද තරඟාවලිය පුරා සුවිශේෂී අවදානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ මෙම තරඟාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ සුවිශේෂී හැකියාවන් හේතුවෙන්.

තරඟාවලියේ මුල් අදියරේදී ඇය ඉදිරිපත් කළ කතාවක් ධම්මපදයේ පාඨයක් ඇසුරෙන් ආරම්භ කිරීම මෙවර තරඟාවලියේ සුවිශේෂී අවස්ථාවක් ලෙසයි බොහෝ විචාරකයින් පෙන්වා දී තිබුණේ.

කෙසේ නමුත් “2025 ලෝක රූ රැජින” තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  අනුදි ගුණසේකරට තරගාවලියේ කිරුළ හිමි කරගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා

ඒ, මේ වන විට නිවේදනය කර ඇති ආසියා කලාපයේ පළමු රූප රාජිනියන් 10 දෙනා අතරට ඇය ඇතුළත් නොවීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සහභාගී වීමට තිබූ අවස්ථාව ගිලිහී යාමත් සමඟයි.

72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී මැයි 7 වැනිදා ආරම්භ වූ අතර මහා තරඟය 31 වනදා පැවැත්විය.

මෙම  ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.

එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.

72 වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ සත්කාරකත්වය දැරුවේ ස්ටෙෆනි ඩෙල් වැලේ (2016 ලෝක රූ රැජින) විසිනි.

රැජින තරඟයේ විනිශ්චය මණ්ඩලයට නළු සෝනු සූඩ් ඇතුළත් වූ අතර ඇයට ලෝක රූ රැජින මානුෂීය සම්මානයද හිමි විය.

2025 අරමුණක් සහිත රූපලාවන්‍ය සඳහා වූ ගෝලීය තානාපති සුධා රෙඩ්ඩි ද විනිශ්චයකාරියක් ලෙස කටයුතු කර තිබෙනවා

2014 වසරේ මිස් එංගලන්ත සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය කැරිනා ටරෙල් ද මණ්ඩලයේ සිටියාය.

2024 ලෝක රූ රැජින ක්‍රිස්ටිනා පිස්කෝවා ද ඇගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට සහභාගී වූවාය.

ජූරි සභාවේ ප්‍රධානියා වූයේ ලෝක රූ රැජින සභාපතිනි ජූලියා මෝර්ලි CBE විසිනි.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික ප්‍රමාණයකින් “2025 ලෝක රූ රැජින” තරගයේ අවසන් 40 දෙනා අතරට තේරී පත්වූ නියෝජනයන් පහතින්,