නීති සහ අණ පනත් ක්‍රියාත්මක කිරීමට පෙර තමන්ට අයත් මෙතෙක් වගා නොකළ ඉඩම්වල වගා කරන්නැයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වගා නොකර ඇති ඉඩමක තමන් වගා නොකරන්නේ නම් වගා කළ හැකි පුද්ගලයෙකු සමග එකඟතාවකින් එම ඉඩමෙහි වගා කළ යුතු බවයි පාතදුම්බර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ගොවි ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සිය අමාත්‍යංශය සතු බවයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.