එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.