“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම වට්ස්ඇප් සමූහ ජාලය සිය අමාත්‍යංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
මේ අතර පාසල් පවත්වන කාලය පස්වරු 02 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට ගුරුවරුන් පමණක් නොව සිසුන් මෙන්ම මව්පියන්ද විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි අත්තනෝමතික තීරණ හේතුවෙන් බොහෝ පාර්ශව අපහසුතාවට පත් වන බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.




