2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර ගැනීම සහ සත්‍යායනය කිරීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාලනය කරන මධ්‍යගතඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතිය මඟින් සිදු කල යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සකස් කරන තුරු වත්කම් සහ බැරකම් ප්‍රකාශ අතින් ඉදිරිපත් කිරීම සඳහා අවසරය ලබා දිය යුතු බව පනතේ 83(7) වගන්තිය ප්‍රකාරව දක්වා ඇති බවයි ඔවුන් පවසන්නේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහතින්