වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවටයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.