වත්මන් ආණ්ඩුව යෞවන සමාජ ව්‍යාපාරයම දේශපාලනීකරණය කිරීම නතර කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව යෞවන සමාජ බල මණ්ඩල යළි පිහිටුවන ලෙසයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර, වර්තමාන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා.