විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමින් පල කල අදහස් පහතින් දැක්වේ. පසුගිය ජනාධිපතිවරණයේ, මහමැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට වත්මන් රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරිම රජයේ වගකීම බවත් මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රීවරුන්ට පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමතිවරු නම් දිව්‍ය ලෝකය සාදා ගෙන ඇති බවත් රටේ ජනතාව අපේක්ෂා කළ මහා සංවර්ධනය නම් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ‍ රජය පාරවල් හදන්නේ වැහි කාලෙට සමහර ප්‍රදේශවල කිලෝමීටර් ගණන් පාරවල් වහින කාලයේ හදන බවත් වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යන බව වත්මන් රජයේ මැති ඇමතිවරු නොදන්නා බවත් පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත්වැඩියා කිරිමට නොව කාලයක් පුරා ජනතාවට භාවිත කිරිමට බවත් මේ රජය සිදු කරන්නේ මහා ඇස්බැන්දුමක් සහ රැවටිල්ලක් බවත් 33%කින් අඩු කරනවා කියු විදුලි බිල වැඩි කරන්න යන බවත් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියූ නිසා පොලිමට ගිහින් රාජ්‍ය සේවකයන් කතිර ගැසුවත් අද සමහර රාජ්‍ය ආයතනයන් ඈවර කර රාජ්‍ය සේවකයා ගෙදර යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. කුඩු අල්ලනවා වගේම කන්ටේනර් 323 නිදහස් කළ එක ගැනත් සොයන්න කුඩු ව්‍යාපාරවලට විරුද්ධව කුඩුකාරයන්ට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු වන නමුත් රතු ලේබල් ගැසු කන්ටේනර් 323ක් එළියට ආව හැටි කවුරුත් නොකියන බවත් මේවා ගැන කවුරුත් විභාග නොකරන බවත් දැන් හමුවන කුඩු අයිස් කන්ටේනර් රතු ලේබල් ගැසූ ඒවාද කියා ගැටලුවක් ඇති බවත් මෙවැනි කන්ටේනර් කීයක් නිදහස් කළා ද කියා ගැටලුවක් ඇති බවත් මේවායේ කොපමණ අවදානම් සහිත භාණ්ඩ තිබුනේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ළගදීම අස්වැසුමත් නවතිනවා ළගදීම අස්වැසුම වැඩසටහන නතර කරන්න යන බවත් මේ අස්වැසුමෙන් දුප්පත්කම තුරන් නොවෙන බවත් හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක වී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක ඉතිරි කිරිම, පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය, අපනයනය තිබිය යුතු වුවත් මේ කිසිවක් නොමැතිව කන්න බොන්න විතරක් මුදල් දෙන බවත් මින් දුප්පත්කම තුරන් වන්නේ නම් ව්‍යවසායකත්වය නිර්මාණය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රජයේ මාධ්‍ය සංදර්ශන විතරයි. වැඩ නෑ අප රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වය ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වුවත් මේ අය පවා අද අසරණ බවත් වත්මන් රජයේ ඇත්තේ මාධ්‍ය සංදර්ශන හරහා දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම බවත් ජනතාව අපේක්ෂා කරන්‌නේ එය නොව සහන බවත් වත්මන් රජයට වසරක් ගත වුවත් ජනතා ගැටලුවලට විසදුම් නොමැති බවත් ජාතික සැලසුමක් ජාතික වැඩපිළිවෙළක් නොමැති නිසා මිනිස් සම්පත, වන අලි සම්පත,වනා හානි දේපල හානි ආදිය පමණක් සිදුවන බවත් කිසිදු ප්‍රශ්නයක් එක පෑන් පාරින් විසදී නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. එම නිසා එළැඹෙන පළාත් සභා මැතිවරනයේ දී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් සංවර්ධනයේ ආරම්භය සමගි ජනබලවේගය පෙන්වා දෙන බවත් අවසාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය. දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය