දීමනාද ලබාදෙමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඉන් පළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.

ඉහළ දමන මුදල මූලික වැටුපට එකතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේවෙතත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම සඳහා ආරම්භ කළ සාකච්ඡා සාර්ථක බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.