වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමට 2026 අයවැයෙන් යෝජනා කිරීම පිළිබඳ තමන් සතුටුවන බව වතුකරයේ ජනතාව පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ දෛනික වැටුප දීමනාව ද සමග වතු කම්කරුවන්ට රුපියල් 1,750ක් හිමිවන බවයි.

සිය දෛනික වැටුප ඉහළ දමා ගැනීම සඳහා මීට පෙර අවස්ථාවන්වලදී උද්ඝෝෂණ සිදුකළ පසුබිමක් තුළ වත්මන් රජය ලබා දුන් පොරොන්දුව පිළිබඳ සතුටට පත්වන බවයි වතුකරයේ ජනතාව පැවසුවේ.