Published
වනාතවිල්ලුව, අරුවක්කාරු ප්‍රදේශයේ රජයට අයත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඉඩමක කැනීම් කටයුතුවලට යොදාගෙන තිබූ යන්ත්‍ර සූත්‍ර සහ වාහන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ, පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම ස්ථානයේ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය කැනීම සිදු කර ඇත්තේ පෞද්ගලික සමාගමක් විසින් බවයි පොලීසිය පැවසුවේ.