Published
පාකිස්තාන - ශ්රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග වෙනුවට විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර තිබෙනවා.
පාකිස්තාන - ශ්රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ.
ඒ අනුව විජයකාන්ත් වියස්කාන්ත් කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ.
විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්රිකට් තරගාවලියට තරග කරන ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙකි.




