Published
දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල මාර්ගයේ වලස්ගල කැලෑ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් තිබෙනවා.
වන අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටි ඔහු එම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මගින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහෙත් පොලිස් සැරයන්වරයා රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි අරංගල වීරලන්ද ප්‍රදේශයේ පදිංචි දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක්.
ඔහු රාජකාරී සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.