වන අලි ප්රහාර හේතුවෙන් තවත් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
එලෙස වන අලි පහර දීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්රදේශයේදීයි.
ඥාතියෙකුගේ නිවසකට පැමිණ සිටි පුද්ගලයෙකු එලෙස වන අලි ප්රහාරයකට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි වියේ පසු වූ පොලොන්නරුව, පුලස්තිගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය පැවසුවා.
මේ අතර තඹුත්තේගම, හුරිගස්වැව, නීරාවිය, නව මකුලෑව ප්රදේශයේ පැල් රකිමින් සිටි පුද්ගලයකු අද අලුයම වන අලි ප්රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 16, නව මකුලෑව හුරිගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගයෙක්.
මකුලෑව ගම්මානය නීරාවිය රජයේ ගොවිපලට යාබදව පිහිටා ඇති අතර, නිරාවිය ගොවිපල තුළ පිහිටි කැලෑ බද කොටසේ වන අලින් 20ක පමණ රංචුවක් රැඳී සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.
මේ දිනවල කුඹුරුවල ගොයම් පැසී ඇති බැවින් වන අලින්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි සංවිධානය මඟින් මුර ක්රමයට පැල් රැකීමට කටයුතු කර තිබෙනවා.
එලෙස පැල් රැකීමට පැමිණි අවස්ථාවේ අදාල පුද්ගලයා වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Published