තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් මහතා පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මෙම වර්ජනයට සහාය නොදෙන සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර විජේවර්ධන මහතා පැවසුවේ දිවයින පුරා පිහිටි උප තැපැල් කාර්යාවලින් වැඩි ප්‍රමාණයක රාජකාරි සාමාන්‍ය පරිදි සිදුවන බවයි.