දේශපාලන පෙරළිය ඇතිවී වසරක් ගතවී තිබෙන බවත් මෙම වසර තුළ රටට සිදුවී තිබෙන දේ පිළීබඳව සැහිමකට පත්විය හැකි කාර්යය භාර්යයකට ආණ්ඩුව නායකත්වය ලබාදී තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් තිබෙන බව ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘9 වන විධායක ජනාධිපති ලෙස අනුර දිසානායක මහතා තේරි පත්වී දිවුරුම් දුන්නේ මීට වසරකට පෙරයි. ඒ අනුව දේශපාලන පෙරළිය ඇතිවී වසරක් ගතවී තිබෙනවා. මෙම වසර තුළ රටට සිදුවී තිබෙන දේ පිළීබඳව සැහිමකට පත්විය හැකි කාර්යය භාර්යයකට ආණ්ඩුව නායකත්වය ලබාදී තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලය ලබාගත්තේ පෙර සිටි දේශපාලන නායකයන් සහ ආණ්ඩුවල තිබුණු අඩුපාඩු රටට පෙන්වලා. ඒ වගේම 76 වසරක් තුළ රටට කිසිවක් සිදුවුණේ නැති බව ප්‍රකාශ කරමින් තමයි වර්තමාන ආණ්ඩුව බලය ලබාගත්තේ. ඒ වගේම වංචාවට දුෂණයට එරෙහිව පෙනි සිටින බව ප්‍රකාශ කළා. ඒ වගේම මහජනතාව තුළ දේශපාලඥයින් කෙරෙහි වෛරයක් ඇති කරන්න ආණ්ඩුව කටයුතු කළා. කෙසේ නමුත් ආණ්ඩුවක මුල් වසර සුවිශේෂි කාල පරිච්ඡේදයක්. රට මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයා සහ ජාතික ජනබලවේග ආණ්ඩුව කුමක් සිදුකර තිබෙනවාදැයි හැරි බලන්න හොඳම අවස්ථාව උදාවෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව සිදුකළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම අවශ්‍යයි. ඒවා විවේඡනය කරන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ දේවල් කරන්න කටයුතු කරනවාද නැද්ද යන අභියෝගය ආණ්ඩුවලට එල්ල වී තිබෙනවා. ඒ වගේම මේ වසර ජාවාරම්කරුවන් දිරිමත් කළ වසරක්. වරායෙන් බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වුණා. මෙම බහලුම් නිදහස් කිරීම පිළිබඳව බරපතල චෝදනාවක් ආණ්ඩුවට එල්ල වුණා. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලිමට පත්කළ කමිටුවේ නිර්දේශ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න කටයුතු කළෙත් නැහැ. බහලුම් 323 තුළ ජාවාරම්කරුන්ගේ භාණ්ඩ ජාතික ආරක්ෂාවට බලපාන භාණ්ඩ තිබුණ බවටත් චෝදනා තිබෙනවා. කෙසේ නමුත් බහලුම් තොගය නිදහස් කිරිම ජාවාරම්කරුවන් නිදහස් කිරීමට ගත් පියවරක්. ඒ වගේම ආණ්ඩුව සහල් එක්ලක්ෂ හැට හත්දහසක් ගෙන්වන්න කටයුතු කළා. ලුණු ආනයනය කරන්න කටයුතු කළා. නමුත් සහල් ආනයනය කරන්නේ නැති බව ආණ්ඩුව රටේ ගොවින්ට පොරොන්දුවක් ලබාදුන්නා. ඒ වගේම ආනයනය කළ සහල් කිලෝවකින් ආණ්ඩුව රුපියල් 50 ක බද්දක් අයකර ගන්න කටයුතු කළා. ආණ්ඩුව කෝටි 830 ක් මිනිසුන්ගේ බඩගින්න විකුණලා බදු අය කරගන්න කටයුතු කර තිබෙනවා. ඒ හරහා සහල් මාෆියාවට ඉඩ සලස්වා දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග ආණ්ඩුව ගිවිසුම් 7 ක් අත්සන් කරනු ලැබුවා. නමුත් රටවල් සමග හොර ගිවිසුම් අත්සන් කරන්න ජනතාව දේශපාලඥයින්ට බලය ලබාදි නැති බව ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. නමුත් අවසනාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමේ කිසිවක් හෙළි කරන්න කටයුතු කරලා නැහැ. හොර ගිවිසුම් 7 ක් අත්සන් කළ වසරක් ලෙස මෙම වසර හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංවීම කොටස් 4 කට කඩා විකුණන්න ආණ්ඩුව සුදානම් වෙනවා. මෙම කාරණයට විරුද්ධව අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට විශාල විවේඡන එල්ල කරනු ලැබුවා. බලශක්තිය භාහිර පාර්ශ්වයක් සතු වීමට ඉඩ නොදෙන බව අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා. නමුත් දැන් අනුර දිසානායක මහතා විවේචනය කළ දේම ක්‍රියාමත්ක කරන්න ඔහු කටයුතු කරමින් සිටිනවා. ලංවීම කොටස් 4 කට කඩා එම කොටස් කොටස් වෙළද පොල තුළ විකුණන්නේ නැතිනම් , ලංවිමේ අයිතිය ආණ්ඩුව සතුව තිබෙනවානම් සේවකයින් ඉවත් කරන්න කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාද? ලංවිම ලාභ ලබමින් තිබෙන ආයතනයක්. එවැනි තත්ත්වයක් තුළ ලංවීම කොටස් 4 කට කඩන්න ආණ්ඩුව උත්සහ දරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් ලංවීම කොටස් 4 කට කඩා කොටස් වෙළදපොලේ විකුණා දමන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. මේ කාරණය නිසා රටේ බලශක්ති කේශ්‍රේත්‍රය අර්බුදයකට ලක්වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නමුත් මෙම කොටසේ වැඩ කටයුතු නතර වුණේ පඩු කරද ගසක් මුල් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් කිහිපයක් ඇතිකළ විරෝධතා හේතුවෙන්. ඒ නිසා බිලියන 180 ක් වැය කොට නිම කිරීමට තිබුණ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටස නිමකිරීම අද බිලියන 450 ක් වැය වෙනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටසේ වැඩ කටයුතු නිම කිරීමට බිලියන 280 ක අමතර මුදලක් වැය වෙනවා මේ සඳහා ආණ්ඩුව වගකිව යුතුයි. මෙය රටට දරන්න වුණ අමතර බරක්. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටසේ වැඩ කටයුතු භාර දුන් කොන්ත්‍රාත් කරුවාටම නැවත වැඩ කටයුතු භාර දෙන්න ආණ්ඩුව සිදුවී තිබෙනවා. මෙම අමතර මුදල් ප්‍රමාණය දරන්නේ රටේ මහජනතාවයි. මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටසේ වැඩ කටයුතු කිරීමට ඉඩ නොදි එය වළක්වන්න කටයුතු කළ කණ්ඩායම් වලට විරුද්ධව ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද? ඒ වගේම පසුගිය ආණ්ඩුව ආරම්භ කර වැඩ නිම නොකළ ව්‍යාපෘති ජාතික ජනබලවේග ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති ලෙස රටට පෙන්වන්න ආණ්ඩුව උත්සහ දරනවා. නමුත් ඒ සියල්ලම පසුගිය ආණ්ඩුව කාලයේදී ආරම්භ කළ ව්‍යාපෘති. පසුගිය ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා. අලුතින් කිසිදු ව්‍යාපෘතියක් ආණ්ඩුව ආරම්භ කර නැහැ. ඒ වගේම පසුගිය දින 356 තුළ වෙඩි තැබිම් 108 ක් සිදුවී තිබෙනවා. මරණ 59 ක් වාර්තා වෙලා තිබෙනවා, තුවාල කරුවන් 58 දෙනෙකු සිටිනවා. මෙම වෙඩි තැබිම් මහ දවල් සිදුවුණ වෙඩි තැබිම්. නමුත් පෝය දෙකකින් පාතාලය මර්දනය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් පාතාලය මර්දනය වී නැහැ. ඒ වගේම අත්අඩංගුවට ගත් පාතාල නායකින් පැන ගොස් තිබෙනවා. කෙසේ නමුත් නිතියේ ආධිපත්‍යයේ තිබෙන හිඩස වසා ගැනීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. නමුත් ආණ්ඩුව මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් තිබෙනවා. නිතිය හැල්ලුවට ලක්වී තිබෙනවා. ඒ වගේම මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවේ හිතවතෙකුට මෙම ටෙන්ඩරය ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මැති ඇමැතිවරු ලෙස වැටුප් නොගෙන එම මුදල් භාණ්ඩාගාරයට ඉතුරු කර දෙන ලෙස ජාතික ජනබලවේගයේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළා. නමුත් අද එවැන්නක් සිදුවන්නේ නැහැ. මැති ඇමැතිවරු ලෙස වැටුප් ලෙස භාණ්ඩාගාරය වෙන් කරන මුදල් පැලවත්තේ අරමුදලට බැර කරන්න කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික මුදල් වැරදි ආකාරයට ආණ්ඩුව පරිහරනය කරමින් තිබෙනවා. ජනතාවට පොරොන්දු වුණ කිසිවක් ඉටු කරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ.ආහාර , අධ්‍යාපනය , සෞඛ්‍ය වෙනුවෙන් පනවා තිබු බදු ඉවත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා කෙසේ නමුත් එම බදු කිසිවක් මේ වනතුරු ඉවත් කර නැහැ. ඉන්ධනමිල , විදුලිබිල , ජිවන වියදම අඩුකරන බව කීවත් ඒවා සිදුකරලා නැහැ. රටේ තිබෙන අභියෝග හදුනාගැනිමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. රටේ ආර්ථික ප්‍රවර්ධනය වැඩි කර ගත්තේ නැතිනම් 2028 සිට මුහුණ දෙන අභියෝගයවත් ආණ්ඩුව මේ වනතුරු තේරුම් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය කණගාටු වෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගහන්න විවිධ ව්‍යාපෘති ආණ්ඩුව විසින් ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුවට එල්ල වන ජනතා අප්‍රසාදය වසා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලඥයින් මර්දනය කරන්න , ඔවුන්ට මඩ ගසන්න ආණ්ඩුව විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවා ඇත්තේ ආගමික සංස්කෘතික සංරක්ෂණය සඳහායි. ආගමික ස්ථාන සංරක්ෂණයට , සංස්කෘතින් ප්‍රවර්ධනයට අවශ්‍ය කාර්යය කිරීමට තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවා තිබෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා යොදා ගත් බව ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් එය යුක්ති සහගත කටයුත්තක් නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 8000 ක් වැරදි ආකාරයට භාවිතා කර ඇති බව විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. නමුත් මෙම අරමුදලේ මෙතරම් මුදලක් තිබුණේ නැහැ. මිලියන් 4698 ක් පමණයි තිබුණේ. එයින් සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන තිබුණේ මිලියන 1484 ක පමණ මුදලක් පමණයි. අනිත් සියල්ල සේවකයින්ගේ වැටුප් , අතිකාල දිමනා , පරිපාලන වියදම් සඳහා යොදාගෙන තිබෙනවා. ඒ වගේම මිලියන 609 ක් පුරාවිද්‍යා නඩත්තු කටයුතු සඳහාත් යොදවා තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ප්‍රේමදාස මහතා සාවද්‍ය පරිහරණයක් කළ බව ආණ්ඩුව චෝදනා කරනවා. එසේ සිදුකරන්න නම් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සිදුකළ ව්‍යාපෘති ජාවාරම්කරුවන් හරහා සිදුකළ යුතුයි. නමුත් එවැන්නක් සිදුකරලා නැහැ. ධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සිදුකළ ව්‍යාපෘති සියල්ල සිදුකර තිබෙන්නේ රාජ්‍ය ආයතන විසින්. රාජ්‍ය ආයතනවලින් කොමිස් මුදල් ගන්න බැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදාගෙන සජිත් ප්‍රේමදාස මහතා ආගමික ප්‍රවර්ධන කටයුතු , සංස්කෘතික සංවර්ධන කටයුතු , ආගමික ස්ථාන ඉදිකිරිම් , දහම් පාසල් අධ්‍යාපනයට මෙම මුදල් යොදවා තිබෙනවා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථාන කිහිපයකට හානි සිදුවුණා. එම දේවස්ථාන සියල්ලම නැවත සංරක්ෂණය කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල් මුදල් භාවිතා කරලා. මෙලෙස කතෝලික දේවස්ථාන නැවත සකස් කිරිම පිළිබඳව කතෝලික සභාව , කතෝලික ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසා කර තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල් යෙදවිම වරදක් නෙවෙයි. ඒ වගේම දහම් පාසල් ගොඩනැගිලි නැති පන්සල් සඳහා ගොඩනැගිලි 368 ක් ලබාදිම වරදක්ද? ඒ වගේම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට මිලියන 420 වැය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල් අවභාවිතා කර තිබෙන බවට චෝදනා එල්ල වුණ අවස්ථාවේ මේ පිළිබඳව අවස්ථා 4 කදී පරීක්ෂණ පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුණා. එහිදි කිසිදු චෝදනාවක් සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වුණේ නැහැ. ඒ වගේම කෝප් කමිටුව ,අල්ලස් කොමිසම මේ සම්බන්ධවෙන් පරික්ෂණයක් සිදුකළා. නමුත් කිසිදු චෝදනාවක් එල්ල වුණේ නැහැ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පරික්ෂණයක් සිදුකළා. එහිදිත් කිසිදු චෝදනාවක් සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වුණේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව නැවත මෙම කාරණය සමාජ ගත කරන්න උත්සහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම සඳහායි. දේශපාලන මර්දනයක් ඇති කිරිමටයි ආණ්ඩුව මෙවැනි දේවල් සිදුකරන්නේ. ආණ්ඩුව මේ සිදුකරන්නේ බංකොලොත් වැඩක්. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ නැති වුණ ජනතා ප්‍රසාදය ලබාගැනීමට ජනතාවට පොරොන්දු වුණ සහන ලබාදීමයි. එසේ නොකර ආණ්ඩුව විපක්ෂයේ නායකයන්ට විවිධ හිරිහැර කරමින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට උත්සහ කරනවා. නමුත් එවැනි දේවල් මගින් ජනතා ප්‍රසාදය දිනා ගැනිමට ආන්ඩුවට හැකියාවක් නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු ඇමැති වැටුපක් ලබාගත්තේ නැහැ. ඔහු එම මුදල් නිවාස අරමුදලට ලබාදුන්නා. නමුත් මේවා කවුරුත් කතා කරන්නේ නැහැ. ඔහු එම මුදල් පක්ෂ අරමුදලකට යවන්න කටයුතු කළේ නැහැ. වැටුප් නොගෙන වැඩ කරන බව කියු ආණ්ඩුවේ නායකයින් එය සිදුකරන්නේ නැහැ. ඔවුන් මහජන මුදල් සියල්ල ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කර ගන්න කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන නායකයින් මර්දනය කිරීමට ගෙන යන වැඩපිළිවෙල සමගි ජනබලවේගය හෙළා දකිනවා. ඒ වගේම ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගි වීමට ඇමරිකාව බලා පිටත් වුණා. එම සමුලුවේදී ඇමරිකානු ජනාධිපති සහ ලෝකයේ නායකයන් හමුවීමට ලැබිම සුවිශේෂි අවස්ථාවක්. මෙවැනි සමුලු වලට යැම වරදක් ලෙස අපි දකින්නේ නැහැ. රාජ්‍ය සමුලුවලට යෑම නාස්තිකාර වැඩක් බව ජවිපෙ නායකයින් විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා. අධිරාජ්‍යවාදින්ගේ සමුලුවලින් රටට සෙතක් වෙන්නේ නැති බවත් ජවිපෙ නායකයින් ප්‍රකාශ කළා. නමුත් අපි කවදාවත් එවැනි ප්‍රකාශ සිදුකරන්නේ නැහැ. කලාපිය නායකයින් හමුවෙලා සුහදතාවය වර්ධනය කර ගත යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ රටවල් 7 ක පමණ මේ වනවිට සංචාරය කර තිබෙනවා. නමුත් මෙම සංචාර වලින් ලැබුණු කිසිදු ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඇමරිකානු තිරු බද්දට ලංකාව මුහුණ දි තිබෙනවා. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සමුලුවේදී ඇමරිකානු ජනාධිපතිවරයාට අනුර දිසානායක මහතාට මුණ ගැහෙන්න අවස්ථාව තිබෙනවානම් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් සිදුකර ඇමරිකානු තිරු බද්ද අඩු කර ගැනීමට කටයුතු කර ගන්නැයි එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල රැස්වීමට ගිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එවැන්නක් සිදුකරගැනිමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණොත් එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සමුලුවට සහභාගි වී ජනාධිපතිවරයා රටට වාසියක් අත්කර දුන් බවට සතුටු වෙන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට වැඩ කරන්න තින්දු කර ගත්තේ පළාත් පාලන මැතිවරණයත් සමඟයි. පළාත් පාලන මැතිවරණයෙදී පක්ෂ දෙක එකට වැඩ කළ යුතු බවට අවබෝධයක් ඇති කර ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මුලික අරමුණ වන්නේ සන්ධානගත දේශපාලනයක් සිදුකිරිමයි. සන්ධානගත දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඇති කරගෙන තිබෙනවා. නමුත් මැතිවරණවලට තරග කරන ආකාරය ගැන තවම සාකච්ඡා කර නැහැ. ඒ වගේම මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ එකතුවී තිබෙනවා. එහිදී නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ , සමගි ජනබලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස. අනෙක් දේශපාලන පක්ෂවල නායකයින් එලෙසම කටයුතු කරගෙන යනවා. ඒ වගේම නායකත්වය පිළිබඳව අර්බුදයක් නැහැ. සන්ධානයක් ලෙස මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ සියල්ල එකතුවී සිටින්නේ. ඒ වගේම සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් වෙන්නේ නැහැ. සියලුම දේශපාලන පක්ෂ පොදු වේදිකාවට එකතු වෙනවා. පොදු දේශපාලන වේදිකාව තුළ එක නායකයෙක් නැහැ. නායකත්වය කණ්ඩායමක් තමයි සිටින්නේ. එවැනි තත්ත්වයක් තමයි දැනට තිබෙන්නේ. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි පොදු දේශපාලන වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් සියලුම දෙනා සිටිනවා.‘‘
Published