Published
හම්බන්තොට වරායේ සහ කොළඹ වරාය තුළ මෝටර් රථ 8,400කට අධික ප්‍රමාණයක් සිරවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. පරිපාලන ගැටලු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. මෙම වාහන නිදහස් නොකරන්නේ නම් ඒවා ප්‍රතිඅපනයන කිරීමට හෝ ආණ්ඩුව මැදිහත් විය යුතු බව රවී කරුණානායක මහතා සඳහන් කළා.
මේ අතර ඇතැම් ලීසින් සමාගම් අසාධාරණ අයුරින් ලීසින් වාරික පැහැර හැරි වාහන අත්පත් කර ගැනීම වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්ව මැදිහත් විය යුතු බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.