Published
වලසකු සපා කෑමෙන් පනස් හතර හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා පොලොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත .
අද දහවල් දොළහයි හතළිස් පහට පමණ වස්ගමුව වනෝද්‍යානය අසල ඉනි දෙකක් කපමින් සිටි පුද්ගලයෙකු වලසෙකු හපා කා තුවාල සිදු කර ඇත.
රෝහල් ආරංචි මාර්ග පැවසූවේ
එම රෝගියාගේ වම් අත හා වම් පාදයේ කලව ප්‍රදේශයට වලසා සපා කෑමින් දැඩි ලෙස හානි වී ඇති බවයි.ඉක්මන් ශල්‍යකර්මයක් කිරීම සඳහා ඔහු ශල්‍යාගාරය වෙත යොමු කර ඇති බවද රෝහල් ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කළා.
මෙසේ තුවාල ලබා ඇත්තේ නිකපිටිය , අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.