වවුනියාව නගරයේ ඉදිකොට තිබූ සියලුම අනවසර වෙළදසැල් 60ක් පමණ නගර සභාව විසින් ඉවත් කොට තිබෙනවා.
වවුනියාව නගර සභාව මීට මාස තුනකට ඉහත සිට මෙම අනවසර වෙළෙන්දන්ට එම වෙළද සැල් වලින් ඉවත් වී ඔවුන් වෙනුවෙන් සපයා දී තිබූ ඉඩමක වෙළද සැල් ඉදිකර ගන්නා ලෙස දැණුම් දී තිබෙන බව වාර්තා වනවා.
නමුත් ඊට වෙළෙන්දන් අවනත නොවීම නිසා වවුනියාව නගර සභාව පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ඇතිව එම වෙළද සැල් සියල්ලම ඉවත් කොට තිබෙනවා.
මෙහිදී නගර සභා නිලධාරීන්ට එරෙහිව අනවසර වෙළෙන්දන්ගෙන් විශාල විරෝධයක් එල්ල වූ නමුත් පොලීසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කරණු ලැබු බවයි වාර්තා වන්නේ.
මෙම අනවසර වෙළද සැල් නිසා වවුනියාව නගරයේ ගමනාගමන කටයුතු වලට විශාල බාධාවක් එල්ල වී තිබූ අතර මාර්ග අනතුරු බහුල වීමටද එය හේතුවක් වී තිබෙනවා.
අනවසර වෙළද සැල් ඉවත් කිරීමෙන් පසුව වවුනියාව නගර සභාව විසින් එම භූමියම සෝදා පිරිසිදු කොට පදික වේදිකාවේ කැඩී ගිය ස්ථානද යථා තත්ත්වයට පත් කොට නගරයට අලංකාරයක් ලැබෙන අන්දමට පරිසරය සකස් කොට තිබෙනවා.