මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයට හිමි වුණා.
එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරය නිතරඟයෙන් සමඟි ජන බලවේගයට හිමි වීම විශේෂත්වයක්.
සියයට 50 බහුතර බලයක් කිසිදු පක්ෂයකට හිමි නොවූ වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සහ එම ප්‍රදේශීය සභාවේ මංගල සැසිය අද පැවැත්වුණේ උතුරු පළාතේ පළාත් පාලන කොමසාරිස් දේවනන්දනි බාබු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජාතික ජන බලවේගයෙන් සභාපති ධූරය සඳහා සුදර්ශන චාමර විරකෝන් මහතා යෝජනා කර සිටි අතර ස්වාධීන කණ්ඩායමකින් තේරී පත්වූ කසුන් ත්‍යාග ශ්‍රී බණ්ඩාර අලගල්ල මහතාගේ නමද සභාපති ධුරය සඳහා යෝජනා වී තිබෙනවා.
සභිකයින් 17 දෙනකුගෙන් සමන්විත වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව සඳහා ජාතික ජන බලවේගයට සභිකධූර හතක්, සමඟි ජන බලවේගයට සභිකධූර හතරක්, ස්වාධීන කණ්ඩායම් දෙක යටතේ සභික ධූර දෙකක් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සර්ව ජන බලය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ එක් සභික ධූරය බැගින් හිමිකරගෙන තිබුණා.
ඒ අනුව සභාපතිවරයා පත්කරගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 12ක් ලබාගනිමින් සභාපතිධූරය සඳහා ජාතික ජන බලවේගයේ සුදර්ශන චාමර වීරකෝන් මහතා තේරීපත් වුණා.
අනෙක් අපේක්‍ෂකයා වූ කසුන් ත්‍යාග ශ්‍රී අලගල්ල මහතාට හිමි වූ ඡන්ද ගණන 05ක්.
උප සභාපතිධූරය තේරීමේදී සමඟි ජන බලවේගය විසින් ගුණපාලගේ සරත් මධූ මහතා යෝජනා කළ අතර ජාතික ජන බලවේගය විසින් ඔහුගේ නම ස්ථීර කිරීම විශේෂිත සිදුවීමක්.