වවුනියාව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වවුනියාව නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමණියම් ප්‍රේමදාස් යන අය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළා.

එම නියෝගය ලබා දුන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

එම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසයි.