Published
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් මේ වන විට විවිධ වාර්තා පළ වෙමින් තිබෙනවා.
මේ අතරතුර අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ද සිදු කළා.
එහි සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවයි.
සමගි ජන බලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගෙන් ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා.
මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.




