Published
                
                 
                
            ආසන පටි පැළඳ රිය ධාවනය කරන්නැයි පොලීසිය යළි රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එලෙස රිය ධාවනය කිරීමෙන් රියදුරාගේ සහ රථ වාහනවල ගමන් ගන්නා සෙසු අයගේ ආරක්‍ෂාවට මනා පිටුවහලක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ජුනි මස 30 වනදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,332ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ඔහු පැවසුවේ.
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මෙම අදහස් පළ කළා.




