Published
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් මෙම වසර තුළදී දියේ ගිලී සිදුවූ අනතුරුවලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු බේරා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.