2005 වර්ෂයේදී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු දශක දෙකකට අසන්න කාලයක් කෝමා තත්ත්වයේ සිටි සෞදියේ ‘නිදි කුමාරයා’ හෙවත් සෞදි කුමාරයා වන අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහුට වයස අවුරුදු 36 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1990 අප්‍රේල් මාසයේදී උපත ලැබූ අල්වලීඩ් කුමරු, කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා සහ කෝටිපති ව්‍යාපාරික අල්වලීඩ් බින් තලාල් කුමරුගේ බෑණනුවන් වනවා
වසර ගණනාවක් පුරා කෝමා තත්ත්වයේ සිටීම නිසා අල්වලීඩ් කුමරු ‘නිදි කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත් විය.
අභාවප්‍රාප්ත වූ අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ අභාවය පිළිබඳව ගෝලීය ඉමාම් කවුන්සිලයද සිය ශෝකය පළකර තිබෙනවා
එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී මෙම අනතුර සිදු වූ විට කුමරු අල්වලීඩ්ගේ වයස අවුරුදු 15 ක් බවයි වෙඉදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අනතුරෙන් මොළයේ බරපතල තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වූ අතර එමඟින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වී තිබුනා.
පසුව ඔහුව රියාද් හි කිං අබ්දුලාසීස් වෛද්‍ය නගරයට ගෙන යන ලද අතර එහිදී ඔහු වසර 20 කට ආසන්න කාලයක් නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ ජීවිතාරක්ෂක ඒකකයේ රඳවා තිබෙනවා.
ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින් විසින් ප්‍රතිකාර කළද, ඔහුට කිසිදා සම්පූර්ණ සිහිය නොලැබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.