වසර 28කට පසු ප්‍රථම වරට ස්කොට්ලන්තය, පාපන්දු ලෝක කුසලාන තරඟාවලියකට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, ලෝක කුසලානයට සුදුසුකම් ලබන යුරෝපියානු තරඟාවලියේදී ඩෙන්මාර්කය පරාජය කරමින්.

මෙම තීරණාත්මක තරඟයෙන් ස්කොට්ලන්තය ජය ගත්තේ ගෝල හතරට දෙකක් ලෙසයි.

මීළඟ පාපන්දු ලෝක කුසලානය 2026 වසරේ පැවැත්වීමට නියමිතයි.