වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබාදීමේ රජයේ අපේක්ෂාව යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ආපදාවෙන් හානිවූ බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම සහ විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි සංවර්ධන කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී සිය අවධානය යොමු කළා.
ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදුවූ ගොවීන්ට අදාළ වන්දි මුදල් සාධාරණ ලෙස ලැබිය බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.



