ව්‍යාජ මුදල් නෝට්ටුවලට නොරැවටෙන්නයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තවදුරටත් ව්‍යාජ මුදල් නෝට්ටු රට තුළ සංසරණය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ. එම ව්‍යාජ මුදල් නෝට්ටු සහ ඒවා සන්තකව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු පැවසුවා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.