ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වන දා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරු ගොඩ නියම කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මොරටුව පොලිස් වසමට අයත් අටවන පටුමග, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පෞද්ගලික පන්ති පවත්වන නැටුම් ගුරුවරියක වන රූපිකා දිල්රුක්ෂි නමැති දෙදරු මවකි.
ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරුවෙකු සහ අන්තර් සමාජ ක්‍රීඩා සංගම් වල හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ.
එම ප්‍රින්ටරය භාවිතා කරමින් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ඇතුළු තවත් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇතැයි පොලිසිය පවසා තිබෙනවා.
ඇය මොරටුව නගරයේ වෙළෙඳ සැලකට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී එම මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් සැක සිතූ ව්‍යාපාරිකයකු විසින් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.
එම අවස්ථාවේදී පන්දහසේ ව්‍යාජ නෝට්ටු 10ක් ඇය සන්තකයේ තිබී ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මුද්‍රණය කරන ලද ප්‍රින්ටරයද සමග තවත් ව්‍යාජ මුදල් නෝට්ටු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.