ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ සැකකරුවන් දෙදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත වේරහැර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 43 සහ 61 යන වයස්වල පසුවන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 5ක් කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර සදහා නිකුත් කරන ලද ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර 65 ක්, ලැප්ටොප් පරිගණයක් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.