Published
ව්‍යාජ ලේඛන, මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් සමත් වී තිබෙනවා. සැකකරු සතුව තිබී ව්‍යාජ ආදායම් බලපත්‍ර 07ක්, ව්‍යාජ රක්ෂණ සහතික පත් 07ක්, හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 100ක් සහ තියුණු ආයුධ 04ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි කළුතර - දකුණ, ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර - දකුණ පොලිසිය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළා.