බක්කිඇල්ල, කණ්නිඅම්බ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී විවිධ නම්වලින් යුත් ජාතික හැඳුනුම්පත් 04ක්, විදේශ ගමන් බලපත්‍ර 02ක්, රියදුරු බලපත්‍රයක්, උප්පැන්න සහතික 02ක් සහ ග්‍රාම නිලධාරි සහතිකයක් තිබී සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා විවිධ නම් සඳහන් හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රවලින් පෙනී සිට ඇති බවට අනාවරණ වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු එලෙස පෙනී සිටිමින් යම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධව බක්කිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.