ඉතිහාසයේ මෙතෙක් වසරකදී රැස්කරන ලද ඉහළම බදු ආයාදම මෙම වසරේදී රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නොවැම්බර් 17 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තු මෙම වසර සඳහා රැස් කරගෙන ඇති බදු ආදායම රුපියල් මිලියින 202,241ක්

එනම් රුපියල් බිලියන 2002 .24ක් පමණ වනවා.

මෙය 2024 වසරේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 6,079ක වැඩි වීමක්.

පවත්නා බදු නීතියට අවනත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන සහයෝගය ලබාදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරින්ටත් කෘතඥතාව පළ කරන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.