Published
වාහන ආනායනයට අවසර ලබාදීම මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ අධික බදු ආදායමක් රජයට හිමිවීම මෙන්ම මුදල් සංසරණය සහ බැංකු හා මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ඉහළ යාම මේ තුළින් සිදුව ඇති බවයි.
මේ දිනවල මෙරට වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වාහන වර්ග සම්බන්ධයෙන් ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.