Published
මෙම වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පළමු කාර්තුවේදී වාර්තා වූ සියයට 4යි දශම 8ක වර්ධනයට සමාන වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.